brand logo
logo
අම්මාට බැන්නැයි  ලාංකිකයකු ජපානයේදී තවත් ලාංකිකයකුගේ බඩට පිහියෙන් ඇනලා

අම්මාට බැන්නැයි ලාංකිකයකු ජපානයේදී තවත් ලාංකිකයකුගේ බඩට පිහියෙන් ඇනලා

14 August 2026 | •අශිකා ජයවීර

ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරේයාමා නගරයේ වාසය කළ 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම තරුණයාට පිහියකින් ඇන තුවාල සිදුකිරීමේ චෝදනාව මත තවත් 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කර ඇත. පොලිසියට අනුව ඉකුත් අඟහරුවාදා [11 වැනිදා] පෙ.ව. 10:20ට පමණ මෙය සිදුවී ඇති අතර එහිදී සැකකරු පිහියකින් වින්දිතයාගේ උදරයට පිහියෙන් ඇන ඇත. සිද්ධියෙන් අනතුරුව සැකකරුම ජපාන හදිසි ඇමතුම් අංකය වන 119 අමතා සිද්ධිය දැනුම් දී ඇති අතර, බරපතළ තුවාල ලැබූ ලාංකික තරුණයා පසුව රෝහල්ගත කළද ඔහු මියගොස් ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ ජපානයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ තරුණයක් වන අතර ඔහුත් මෙම සැකකරුත් ජීවත්ව ඇත්තේ එකම නිවසකය. මිය ගිය තරුණයා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරයෙකි.


දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමත් සමග මෙම පහරදීම සිදුව ඇති බව එරට පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන් වේ.


පොලිසිය විසින් කළ ප්‍රශ්න කිරීම්වලදී තමාට සහ සිය මවට අපහාස කිරීම නිසා ඇති වූ කෝපය පාලනය කරගත නොහැකිව මෙම පහරදීම සිදුකර ඇති බවට ඔහු පාපෝච්චාරණය කර ඇත.

 

More News..