brand logo
logo
ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීම සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීම සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

21 August 2026

ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසන් අත්අඩංගුවට ගෙන ඇත.


ඉකුත් 15 වනදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් තිබූ අතර, එම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් ආරම්භ කර ඇත.


එම විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් දෙදෙනා පෙරේදා (19) රාත්‍රියේ දී ගල්කිස්ස පොලිස් වසමේ ටෙම්පල්ස් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.


සැකකරුවන් අවුරුදු 20 හා 23 වයස්වල පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීිසය පවසයි.


මෙහි එක් සැකකරුවෙකු 2025.05.05 දින ගල්කිස්ස, සිල්වෙස්ටර් පාරේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයටද ආධාර අනුබල ලබා දුන් අයෙකු බවටද කරුණු අනාවරණය වී ඇත. 


ඒ අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන සැකකරු, සැකකාරියක ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවන ගෙන සිටියි.


ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


ගල්කිස්ස පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

More News..