නෙවිල් ප්‍රනාන්දු ගුවන් හමුදා රෝහල නිල වශයෙන් විවෘත කෙරේ
09 November 2026
නෙවිල් ප්‍රනාන්දු ගුවන් හමුදා රෝහල නිල වශයෙන් විවෘත කෙරේ
09 November 2026
භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ ජනතා යහපත උදෙසා ප්රශස්ත ලෙස යොදාගැනීමේ රජයේ වැඩපිළිවෙළට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල කදිම නිදසුනක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු දායකත්වය යටතේ නවීකරණය කරන ලද මාලඹේ පිහිටි 'වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල' සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) නිල වශයෙන් විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු දායකත්වය යටතේ මෙය නවීකරණය කර තිබේ.
ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිවීමෙන් පසු මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය.
ඒ අනුව, 2017 වසරේ සිදු වූ පවරා ගැනීමෙන් පසු වසර අටක් තිස්සේ පැවැති තාවකාලික පාලන ක්‍රමය වෙනුවට, නව දෙමුහුන් මෙහෙයුම් රාමුවක් යටතේ රෝහලේ අයිතිය මහා භාණ්ඩාගාරයට 100%ක් හිමි සමාගමක් යටතට පවරා ඇති අතර, එහි දෛනික මෙහෙයුම් වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා දී ඇත.
රෝහලේ මෙහෙයුම් කටයුතු ප්‍රධාන විධායක නිලධාරී එයාර් කොමදෝරු නීලුකා අබේසේකර මහත්මියගේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දිගු කලක පටන් පැවති විශේෂිත වූ රෝහල් අවශ්‍යතාවක් මෙමඟින් සපුරාලන අතරම, ලක්ෂ 50කට ආසන්න කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවට - විශේෂයෙන් කඩුවෙල, අතුරුගිරිය සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල ජනතාවට පවතින තෘතීයික මට්ටමේ සෞඛ්‍ය සේවා හිඟයට මෙමඟින් මහත් විසඳුමක් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

