brand logo
logo
 දක්ෂිණ අධිවේගයේදී වෑන් රථයක ගැටී මෝටර් රථයක් මාර්ගයේ පෙරළෙයි

දක්ෂිණ අධිවේගයේදී වෑන් රථයක ගැටී මෝටර් රථයක් මාර්ගයේ පෙරළෙයි

10 October 2026


දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කනුව ආසන්න ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබේ.


වෑන් රථයක් පසුපස මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.


අනතුරින් පසු මෝටර් රථය අධිවේගී මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර සිද්ධියෙන් කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැත.


දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිලධාරීන් පැමිණ මාර්ගයේ පෙරළී ගිය මෝටර් රථය ඉවත් කිරීමටද පියවර ගෙන තිබේ.

 

More News..