ලංගම බස් රථයේ අලාභහානි කල මගියාට රු.18000ක දඩයක්
04 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ලංගම බස් රථයේ අලාභහානි කල මගියාට රු.18000ක දඩයක්
04 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ලංගම බස් රථයක ගමන් ගත් පුද්ගලයෙකු විසින් එම බස් රථයේ ජනේලයෙන් විසි කල මලුවක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ තවත් ලංගම බස් රථයක රියදුරු අසුනේ ඉදිරිපස ප්‍රධාන වීදුරුවේ වැදී එම වීදුරුව අලාභ හානි සිදු කිරිම සම්බන්ධයෙන් එම මගියා වීදුරුව සිදු වූ අලාභය වන රු.18000ක මුදල ගෙවූ බව හැටන් ලංගම ඩිපොවේ කළමණාකාර පාලිත වීරසූරය පැවසීය.
හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ අඹුසැමි යුවලක් සිය දරුවා සමග බගවන්තලාව දක්වා ගමන් කර ඇති අතර, සිය දරුවා විසින් බස් රථය තුල වමනය කර ඇති අතර, එම වමනය පියා විසින් පොලිතින් මලුවකට රැගෙන එම මාර්ගයේ නෝර්වුඩ් ප්‍රදේශයේදි ජනේලයෙන් ඉවතට වීසි කිරිමේදි එම බෑගය රියදුරු අසුනේ ඉදිරිපස වීදුරුවේ වැදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වෙත එම මගියාද රැගෙන ගොස් පැමිණිලි කිරිමට යෑමේදි වරද සිදු කල මගියා විසින් සිය වරද පිළිගෙන එම මුදල තම ඩිපෝව වෙත පැමිණ අදාළ මුදල ගෙවා සිද්ධිය සමතයකට පත් කල බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ.
බස් රථයේ ගමන් ගන්නා මගීන්ට කිසිදු දුව්‍යක් තමන් ගමන් ගන්නා බස් රථයෙන් ඉවතට නොදමන ලෙසට උපදෙස් ලබා දුන්නද ඇතැම් මගීන් එය නොපිලි පදිමින් කටයුතු කරන නිසා මෙවැනි විපත් සිදු වන බවයි ඩිපෝ කළමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේ.

