brand logo
logo
ශ්‍රී ලන්කන් යානා 2ක් පැයකට අධික කාලයක් කුවෙට් අහසේ රවුම් ගසයි

ශ්‍රී ලන්කන් යානා 2ක් පැයකට අධික කාලයක් කුවෙට් අහසේ රවුම් ගසයි

15 July 2026


කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සහ දමාම් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් , මැදපෙරදිග කළාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණයත් සමග , එම ගුවන් අවකාශ වසා දැමීම නිසා පැයකට අධික කාළයක් , එම කළාපයට ආසන්න ඉහළ අහසේ රවුම් ගසමින් සිට , සුරක්ෂිතව එම ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් සමත් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.


මෙම ගුවන්යාන දෙක අද උදෑසන වනවිට, යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය කුවේට් රාජ්‍යයේ කුවේට් රාජ්‍යයේ සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඊයේ (14) දින පස්වරු 05.10 ටත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 253 දරන ගුවන් යානය දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඊවේ (14) රාත්‍රී 06.36 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.


මෙම ගුවන් යානා ඒ.- 321නියෝ වර්ගයේ ගුවන් යානා දෙකකි.

 

More News..