brand logo
logo
ජනපති අනුර පිළිගැනීමේ නිල උත්සවය (වීඩියෝ)

ජනපති අනුර පිළිගැනීමේ නිල උත්සවය (වීඩියෝ)

16 December 2024

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිබවන් හී දී පැවැත් වේ.


ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ඉන්දීය ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රකයින් රැසක් එක්ව සිටියහ.


ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව ඔහු රාජ්ගාද් හී පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමට නියමිතය.


අනතුරුව ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පැවැත්වෙනු ඇත.


එම සාකච්ඡා අග්‍රාමාත්‍ය නිල නිවස වෙන හයිද්‍රාබාද් හවුස් හී දී පැවැත්වීමට නියමිත අතර එහිදී අවබෝධතා ගිවිසුම්වලට එළඹීමටද, ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද, ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමද සිදුකිරීමට නියමිතය.


අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය උප ජනාධිපතිරයා අතර හමුව පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති දෟපති මුර්දු මහත්මිය අතර සාකච්ඡා රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වෙනු ඇත.




 

More News..