ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු අල්ලස් දැලේ
07 November 2026
ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු අල්ලස් දැලේ
07 November 2026
ලංකා ෆොස්පේට් සමාගමේ හිටපු සැපයුම් නිලධාරියෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (06) පෙරවරු 11.30ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
2017 වර්ෂයේදී ලංකා ෆොස්පේට් සමාගම විසින් TGM 160 මෝල යන්ත්‍රය සඳහා අවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීමේදී ඇමෙරිකානු ඩොලර් 5,830ක පාඩුවක් සිදු කරමින් දූෂණය නමැති වරද සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

