කුසල් 11වන ටෙස්ට් ශතකය රැස්කරයි
11 November 2026
කුසල් 11වන ටෙස්ට් ශතකය රැස්කරයි
11 November 2026
පාකිස්තානයට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11වන ශතකය රැස්කිරීමට නායක කුසල් මෙන්ඩිස් අද (11) සමත් විය.
පාකිස්තානයට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් අද (11) සමත් විය.
කුසල් ශ්‍රී ලංකා නිත්‍ය ටෙස්ට් නායකත්වයට පත්වීමෙන් පසු ක්‍රීඩාකරන පළමු ටෙස්ට් තරගය මෙය වන අතර, ඒ අනුව ඔහු නායකයෙකු ලෙස මුහුණ දුන් පළමු ඉනිමේදීම ශතකයක් වාර්තා කිරීම සුවිශේෂීය.
පන්දු 152කදී ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 91.3කදී කඩුලු 4ක් දැවී ලකුණු 364ක් රැස්කරගෙන, පාකිස්තාන පළමු ඉනිමට වඩා තවත් ලකුණු 70ක් පමණක් පසුපසින් සිටී.

