සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන සාකච්ඡාවට අදානි එකඟ වෙයි
12 March 2025 | අශිකා ජයවීර
සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන සාකච්ඡාවට අදානි එකඟ වෙයි
12 March 2025 | අශිකා ජයවීර
මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවත වරක් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට ඉන්දියාවේ අදානි සමාගම කැමැත්ත පළකර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එම සමාගම මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කර ඇති බව අප කළ විමසුමකදී බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල පැවසුවේය.
මේ වන විට අදානි සමාගම පවසා ඇත්තේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පමණක් බව ද ලේකම්වරයා කියා සිටියේය.
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බවත් අදානි ග්‍රින් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට තම තීරණය දැනුම් දීම සඳහා සති දෙකක කාලයක් ලබාදී තිබෙන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් යොමු කර තිබුණේ පසුගිය දිනවලදී ය.

