අන්තර්ජාලයෙන් වාහන විකුණන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට
15 October 2026
අන්තර්ජාලයෙන් වාහන විකුණන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට
15 October 2026
හෝමාගම, මාවත්ගම ප්රදේශයේදී අන්තර්ජාලය ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වීම් පළකර දෙන බව පවසා පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (14) රාත්රියේ සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි මාවත්ගම, හෝමාගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මුහුණු පොතේ ව්යාපාරික ගිණුමක් භාවිත කරමින් වාහන විකිණීමට පහසුකම් සලසා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි.
ඒ අනුව, සතියක කාලයක් සඳහා රුපියල් 5,000ක් ද, සති දෙකක කාලයක් සඳහා රුපියල් 10,000ක් ද, මාසයක කාලයක් සඳහා රුපියල් 15,000ක් ද අය කරමින් වාහන විකිණීම සඳහා දැන්වීම් පළකර දෙන බවට සැකකරු දුරකථනයෙන් පවසා තිබේ.
එහෙත් මුදල් ලබාගැනීමෙන් පසු අදාළ දැන්වීම් පළ නොකර පුද්ගලයින්ගේ මුදල් වංචා කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාපරාධී සාවද්ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම සහ අන් අයෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම යන වැරදි සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

