Best News Website award
brand logo
logo
නව බුද්ධිමය දේපළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

නව බුද්ධිමය දේපළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

17 November 2026



ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් එහි සේවාවන් සඳහා අය කරනු ලබන ගාස්තු වර්තමාන තත්ත්වයන්ට අනුකූල වන පරිදි යළි සංශෝධනය කර ඇත.


මීට පෙර අවසන් වරට මෙම ගාස්තු සංශෝධනය කරනු ලැබ ඇත්තේ 2019 ඔක්තෝබර් 27 දිනැති අංක 2146/37 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟිනි.


ඒ අනුව, 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධානවලට අනුව නව ගාස්තු සංශෝධන ඇතුළත් 2026 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝග, 2026 ඔක්තෝබර් 06 දිනැති සහ අංක 2509/17 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.


මෙම නව නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

 

 

More News..