Best News Website award
brand logo
logo
දිට්වා  නිසා දිවි අහිමි වූ පුද්ගලයින් සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්

දිට්වා නිසා දිවි අහිමි වූ පුද්ගලයින් සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්

27 November 2026

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ පුද්ගලයින් සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (27) විනාඩියක නිහඬතාවක් පවත්වා තිබේ.


අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී මෙලෙස ශෝකය පළ කිරීම සිදු කෙරිණි. 2025 වසරේ නොවැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය පසුව ‘දිට්වා’ නමින් ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි හානි සහ ජීවිත අහිමිවීම් සිදු විය.


දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පැය 24ක් තුළ මිලිමීටර් 540ක් තරම් වූ ඉහළම වර්ෂාපතනයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ඇදහැලී තිබුණි.


ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක 25න් 22කටම දැඩි බලපෑම් එල්ල විය.


ඇති වූ තද වැසි, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මාර්ග පද්ධති, නිවාස සහ වගාබිම් විශාල ප්‍රමාණයක් විනාශයට පත්විය.


එම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 650කට අධික පිරිසකට දිවි අහිමි වී ඇති අතර, තවත් 173කට ආසන්න පිරිසක් අතුරුදන් විය.

 

More News..