මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රිවරුන්ගේ දුරකථන දීමනාව අහෝසි කරයි
23 July 2025 | කමල් සුරවීර-මහනුවර
මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රිවරුන්ගේ දුරකථන දීමනාව අහෝසි කරයි
23 July 2025 | කමල් සුරවීර-මහනුවර
මහනුවර මහ නගර සභාවේ නගරාධිපති ප්‍රමුඛ සියලුම මන්ත්‍රිවරුන්ගේ මාසික දුරකථන දීමනාව අහෝසි කිරීමට මහනුවර මහ නගර සභාව තීරණයකර ඇත.
මහනුවර මහ නගර සභාවේ මුදල් කමිටුවට 2010 වසරේ මන්ත්‍රි යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළ නගරාධිපති ඇතුළු මන්ත්‍රිවරුන්ට රුපියල් 10,000 ක දුරකථන මුදල් දීමනාවක් ලබාදීම සම්මතකර ඇත.
ඒ අනුව මෙවර නගර සභා රැස්වීමේදී ද නගරාධිපතිවරයාට රුපියල් 20,000ක්, උප නගරාධිපතිවරයාට රුපියල් 15,000ක් හා මන්ත්‍රිවරුන්ට රුපියල් 10,000ක් ලෙස දුරකථන දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් යෝජනා වී ඇත.
එහිදී මෙම දුරකථන දීමනාව පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් විවිධ අදහස් ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රි ලස්සන බණ්ඩාර විසින් නගරාධිපති, උප නගරාධිපති ප්‍රමුඛ නාගරික මන්ත්‍රිවරු 46 දෙනාගේම දුරකථන දීමනාව අහෝසි කරන ලෙස සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
පසුව එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති අතර මින් ඉදිරියට මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රිවරුන්ට දුරකථන දීමනාව ලබානොදෙන බවට දන්වා ඇත.

