බහරේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
19 November 2026
බහරේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
19 November 2026
බහරේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ අනුව, බහරේනයේ වත්මන් කලාපීය තත්ත්වය සම්බන්ධයෙන් එරට බලධාරීන් නිකුත් කරන මාර්ගෝපදේශ සහ අනතුරු ඇඟවීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස තානාපති කාර්යාලය එරට සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම, හදිසි අවස්ථාවකදී තානාපති කාර්යාලය සමඟ පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බව ද දැනුම් දී තිබේ.
ක්ෂණික ඇමතුම් අංකය: 33530290
ජී.එම්.ඩී. තරංගිකා මහත්මිය (Attaché): (+973) 3597 0290 / (+973) 3510 6301
ගෝතමී මහත්මිය (කම්කරු ලිපිකාරිණි): (+973) 3371 2875


