ප්‍රදේශ කිහිපයකට මි.මී 75ට වැඩි වැසි
26 August 2026
ප්‍රදේශ කිහිපයකට මි.මී 75ට වැඩි වැසි
26 August 2026
බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි පතිත විය හැක. එසේම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනුරාධපුරය, මාතලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.
අම්පාර, මොනරාගල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැඩි වශයෙන් පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, මොනරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක පුරා විටින් විට පැයට කිලෝමීටර් 40-50 ත් අතර ප්‍රබලතාවයෙන් යුතු තද සුළං හමා යා හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

