Best News Website award
brand logo
logo
අධිවේගී මාර්ග සහ මහා මාර්ග සංවර්ධනය උදෙසා  අයවැය  යෝජනා

අධිවේගී මාර්ග සහ මහා මාර්ග සංවර්ධනය උදෙසා අයවැය යෝජනා

12 November 2026

අධිවේගී මාර්ග සහ මහා මාර්ග සංවර්ධනය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යොජනා


මහා මාර්ග, අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් රු. බිලියන 251ක් වෙන් කර තිබේ.


නව යෝජනා ලෙස රු. බිලියන 146ක් ද, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ හානිය ප්‍රතිසංස්කරණයට දිට්වා පරිපූරක ඇස්තමේන්තුවෙන් රු. බිලියන 90ක් ද ඇතුළත්ව රු. බිලියන 487ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.


ඒ යටතේ,

  • මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන අදියර වන කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ග කොටසේ පළමු පියවර ලෙස කුරුණෑගල සිට ගලේවෙල දක්වා ඉදිකිරීම සඳහා රු. මිලියන 30,000ක්.
  • රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව සිටි ඉංගිරිය දක්වා සංවර්ධනය කිරීමට 2027 වසරේ රු. මිලියන 27,000ක්.
  • මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මිරිගම කොටස 2028 සැප්තැම්බර් වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින් 2027 වසර සඳහා රු. මිලියන 53,450ක්.
  • මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර - රඹුක්කන කොටස 2027 මැයි වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින්, 2027 වසර සඳහා රු. මිලියන 4,500ක්.
  • මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන - ගලගෙදර කොටස 2029 ජූලි වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින් 2027 වසර සඳහා රු. මිලියන 23,050ක්.
  • කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගය ආශ්‍රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 500ක් ද, පොතුහැර - ගලගෙදර අධිවේගී මාර්ගය ආශ්‍රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 5,000ක් ද හා කඩවත - මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගයන් සංවර්ධනය සඳහා රු. මිලියන 3,000ක්.


 

More News..