brand logo
logo
රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක ජල කප්පාදුවක්

රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක ජල කප්පාදුවක්

29 September 2026


රත්නපුර, කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.


ඒ අනුව, හෙට (30) පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.


එම කාලය තුළ මඩුවන්වෙල, කරගහයාය, මහයාය, කෑල්ල, අලුබෝද, වැල්කැටිය සහ ජදුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.


වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.


එබැවින් ජල සැපයුම අත්හිටුවීමට පෙර අවශ්‍ය ජලය රැස්කර ගන්නා ලෙසත්, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.


ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කර තිබේ.

 

More News..