බඹර ප්‍රහාරයකට ලක්ව සිසුන් 20ක් රෝහලේ
10 March 2026
බඹර ප්‍රහාරයකට ලක්ව සිසුන් 20ක් රෝහලේ
10 March 2026
කැකිරාව නගරාසන්නයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් අද (10) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබේ.
පොලිසිය පැවසුවේ, අද දහවල් එල්ලව ඇති එම බඹර ප්‍රහාරයෙන් විද්‍යාලයේ සිසු සිසුවියන් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ සිසුන් 1990 ගිලන් රථසේවය හා පුද්ගලික රථවාහන මඟින්ප්‍ර තිකාර සඳහා කඩිනමින් රෝහල් ගත කිරීමට විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බවයි.
ඒ අනුව එම බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන් විසිදෙනෙකු පමණ මේ වනවිට ප්‍රතිකාර සඳහා කැකිරාව මූලික රෝහලට ඇතුළත් කර සිටින අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

