ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 3000 ඉක්මවයි
09 April 2026
ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 3000 ඉක්මවයි
09 April 2026
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් එරට පුද්ගලයින් 3,000කට අධික පිරිසක් මිය ගොස් තිබේ.
එරට අධිකරණ වෛද්‍ය සංවිධානයේ ප්‍රධානී අබ්බාස් මස්ජෙඩි අරානි උපුටා දක්වමින්, දේශීය මාධ්‍ය මේ බව සඳහන් කරයි.
අමෙරිකාව කේන්ද්‍ර කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රවෘත්ති ඒජන්සියක් (HRANA) පසුගිය අප්‍රේල් මස 7 වෙනිදා වාර්තා කළේ, යුද්ධයෙන් සිවිල් පුද්ගලයින් 1,701 දෙනෙකු මිය ගොස් ඇති බවය.
එම පිරිස අතර පුද්ගලයින් 254 දෙනෙකු ද සිටින බව අදාළ එහි සඳහන් කර තිබුණි.
පෙබරවාරි 28 වෙනිදා සිට ඉරාන හමුදා සාමාජිකයින් 1,221 දෙනෙකු සහ වර්ගීකරණය නොකළ මරණ 714ක් සිදුවී ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

