Best News Website award
brand logo
logo
අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

27 November 2026


ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද (27) පාර්ලිමේන්තුවේදී සම්මත විය.


2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය වූ අද දිනයේදී අදාළ අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගනු ලැබීය.


එහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ 151 වැනි වැය ශීර්ෂය සංශෝධන සහිතව ද, සෙසු වැය ශීර්ෂ සංශෝධන රහිතව ද ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.

 

More News..