අද සිට යළි බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මකයි
29 September 2026
අද සිට යළි බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මකයි
29 September 2026
කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (29) සිට යළි ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.
උදෑසන 6 සිට 9 දක්වා කාලයේ සහ පස්වරු 4 සිට 7 දක්වා කාලය තුළ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ අද සිට හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ සඳහා පූර්ණ සහාය ලබාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පොලිස් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේය.

