මල්පැල මිලදී ගන්නා මුවාවෙන් පැමිණ රන්මාලය පැහැරගෙන පලායයි
25 September 2026 | පාලිත ආරියවංශ-බදුල්ල
මල්පැල මිලදී ගන්නා මුවාවෙන් පැමිණ රන්මාලය පැහැරගෙන පලායයි
25 September 2026 | පාලිත ආරියවංශ-බදුල්ල
මල්පැල මිලදී ගන්නා මුවාවෙන් ඊයේ (24) වනදා උදේ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ විසිතුරු මල් පැළ වෙළදැසැලකට පැමිණි තරුණයන් දෙදෙනෙකු එම වෙළදසැල හිමි කාන්තාවගේ ගෙලෙහි පැළඳ තිබූ රුපියල් හාර ලක්ෂ පනස් දහසක් වටිනා රන්මාලය පැහැරගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
තිස් හැවිරිදි මම කාන්තාව සිය පියා සමග තම නිවස ඉදිරිපිට මෙම වෙළඳසැල පවත්වාගෙන යන අතර මෙදින තාත්තා අසනීපවී වෙළඳසැල තුල නිදාගෙන සිටියදී මෙම කොල්ලකරුවන් දෙදෙනා මෝටර් රථයකින් පැමිණ රුපියල් 1200 ක් වටිනා මල්පැල තමාගෙන් මිලදී ගත් බවත් ඔවුන් නැවත පැමිණ රුපියල් 200 ක් වටිනා පොහොර බෝතලයක් මිලදී ගෙන එම මුදල තමා අතේ තබනවාත් සමගම තමාගේ ගෙලබැද තිබූ රන් මාලය පැහැරගෙන පැමිණි මෝටර් රථයෙන්ම පලාගිය බව පැමිණිකාරිය සදහන් කර ඇතැයි පොලිසිය පැවසීය.
එම අවස්ථාවේ මාලයේ පෙන්ඩනය පමණක් මල් පැලයක් තුළට වැටී තිබී හමුවූ බවද සැකකරුවන් අවුරුදු 28 ත් 30 ත් අතර වයස්වලට අයත්වූවන් අතර ඔවුන් දෙදෙනාම සුදු පැහැති ටී ෂ්ර්ට් ඇද සිටි බවද නැවත දුටුවොත් හදුනාගත හැකි බවද පැමිණිලිකාරිය පවසා තිබේ.
මේ සිදු විම පිළිබඳව හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

