හොරොව්පොතාන අතහැර දැමූ ළිඳකින් පුද්ගල මළ සිරුරක්
26 September 2026 | චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය-ගලෙන්බිදුණුවැව
හොරොව්පොතාන අතහැර දැමූ ළිඳකින් පුද්ගල මළ සිරුරක්
26 September 2026 | චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය-ගලෙන්බිදුණුවැව
හොරොව්පොතාන පොලිස් බල ප්‍රදේශයට අයත් ඉහල කුඹුක්කොල්ලෑව ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (25) සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස සොයාගෙන ඇත්තේ හොරොව්පොතාන, ඉහල කුඹුක්කොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු බව අනාවරණය වී තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම තරුණයා පෙරෙදා (24) සිය සහෝදරිය සමඟ ගවයන් බැලීම සඳහා ගොස් ඇති අතර, සහෝදරියට දර ලබා දී තමා පසුව පැමිණෙන බව පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, තරුණයා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා සිදුකළ සෝදිසියකදී අතහැර දැමූ ළිඳක තිබී ඔහුගේ මළ සිරුර සොයාගෙන තිබේ.
මළ සිරුරේ තුවාලයක් දක්නට ලැබී ඇති බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් එච්.එම්.ඒ. ජානක සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස පොලීසියට නියෝග කර තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

