brand logo
logo
මෙරට නිල සංචිත වත්කම් ඩො.මි. 6,905ක් දක්වා ඉහළට

මෙරට නිල සංචිත වත්කම් ඩො.මි. 6,905ක් දක්වා ඉහළට

08 September 2026

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,905ක් දක්වා 4.6% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිවේදනය කරයි.


මීට පෙර, 2026 ජූලි මාසය අවසන් වන විට මෙම නිල සංචිත අගය ඇමරිකානු ඩොලර් මිලියන 6,600ක් ලෙස සටහන් වී තිබුණි.


මෙලෙස වර්ධනය වූ විදේශ සංචිත වත්කම් සඳහා චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්‍රතිපාදන ද ඇතුළත් වන බව මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

More News..