brand logo
logo
 අල්ලස් ලබාගැනීම සම්බන්ධ පැමිණිලි 4,500 පනී

අල්ලස් ලබාගැනීම සම්බන්ධ පැමිණිලි 4,500 පනී

05 October 2025


මේ වසරේ ගතවු කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 4,500කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.


ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ජනවාරි මස 01 වන දින සිට 31 වන දින දක්වා කාලය තුළ සිය කොමිෂන් සභාව වෙත පැමිණිලි 4,626ක් ලැබී ඇති බවය.


එම කාලය තුළ වැටලීම් 85ක් සිදුකර ඇති අතර එහිදි පුද්ගලයින් 58දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.


එම අත්අඩංගුවට ගත් පිරිස අතුරින් වැඩි දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර එම සංඛ්‍යාව 19කි.


අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් සැරයන්වරුන් 08 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 05 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු වන බව සඳහන්ය.


මේ වසරේ ගතවු කාලය තුල අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර අධිකරණ අමාත්‍යංශය හා සම්බන්ධිත ආයතනවල පුද්ගලයින් 09 දෙනෙකු, ග්‍රාම නිලධාරීන් තිදෙනෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු, ලංකා ගමනාගමන මණ්ඩලයේ නිළධාරීන් දෙදෙනෙකු ද වන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.


මේ වසරේ ගතවු කාලයතුළ වැටලීම් මගින් සිදුකළ අත්අඩංගුවට ගැනීම් හැර විමර්ශනවලට අදාළව තවත් පුද්ගලයින් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


එම අත්අඩංගුවට ගත් පිරිස අතර දේශපාලඥයින්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් වන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව සඳහන් කළේය.


මේ වසරේ ජනවාරි මස 01 වන දින සිට අගොස්තු මස 31 වනදින දක්වා කාලය තුල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් අධිකරණවල නඩු පැවරීම් 61ක් සිදුකර තිබේ.


එහිදි අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු 36ක්, දූෂණ සම්බන්ධයෙන් නඩු 15ක් සහ අයුතු වත්කම් ඉපැයීම පිලිබදව නඩු 10ක් පුද්ගලයින් 75 දෙනෙකුට පවරා ඇති බව සදහන්ය.


මේ වසරේ ගතවු කාලය තුල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණවල පවරා තිබූ නඩු 44ක් අවසන් කර ඇති අතර ඉන් පුද්ගලයින් 29 දෙනෙකු වරඳකරුවන් බවට පත් කර තිබේ.


ඊට අමතරව තවත් නඩු 276ක් අධිකරණවල විභාග වෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..