brand logo
logo
මිනිස්සුන්ට ජරා කෑම කැවූ තණමල්විල හෝටලයට පොලිසයෙන් පනී

මිනිස්සුන්ට ජරා කෑම කැවූ තණමල්විල හෝටලයට පොලිසයෙන් පනී

05 October 2026 | නුවන් ජයසේකර-සූරියවැව


තණමල්විල–වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හෝටලයක් තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (04) හදිසි පරීක්ෂාවකට ලක් කර තිබේ.


එහිදී ගංජා සන්තකයේ තබාගෙන සිටි එම හෝටලයේ පුද්ගලයකු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුව පොලිස් නිළධාරින් විසින් හෝටලය තවදුරටත් පරික්ෂා කිරීමේදී හෝටලය සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි හිමිකරු ඇතුළු තිදෙනකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.


පොලිසිය සඳහන් කළේ හෝටලයේ ආහාර පිළියෙල කිරීම හා ගබඩා කිරීම ඇතුළු කටයුතු සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්වයක පැවති බවයි.


පැරණි ආහාර මෙන්ම ආහාර පිසීමට හා වෙනත් කටයුතු සඳහා භාවිත කරන ජලයද අපිරිසිදු තත්ත්වයේ තිබූ බව පරීක්ෂාවේදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.


මෙම හෝටලයට මීට පෙරද සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්වයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නඩු පවරා දඩ නියම කර ඇති බවද පොලිසිය පවසයි.


දුරගමන් බස්රථ සඳහාද ආහාර ලබාදෙන මෙම හෝටලය ප්‍රධාන පෙළේ පාසලක් ඉදිරිපිට පිහිටා ඇති බව පොලිසිය සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.


කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව පැවසුවේ මෙම හෝටලය පිළිබදව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ද අවස්ථා ගනනාවකදීම දැනුවත් කලද ඊට නිසි ප්‍රථිචාර නොලැබීම නිසා හෝටලය පවත්වාගෙන ගිය පබවයි.

 

More News..