නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
24 October 2026
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
24 October 2026
පද්ධතියේ ඇති වූ හදිසි විදුලි ඇණහිටීමත් සමඟ අක්රීය වූ නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්ර තුනම නැවතත් සාර්ථකව ජාතික පද්ධතියට එක් කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය 17 වැනිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම ක්රියා විරහිත විය.
මේ අතර හදිසි බිඳවැටීම හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පසුගියදා සඳහන් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් පවසා සිටියේ, මෙවැනි හදිසි තත්ත්වයකදී අනුගමනය කරනු ලබන සාමාන්ය ආරක්ෂිත ක්රමවේදයන් වෙත යොමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.
කෙසේවෙතත්, මේ වනවිට බලාගාරයේ ජනන යන්ත්ර තුනම යළි සක්රීය කර විදුලි පද්ධතියට එක් කිරීමට පියවර ගෙන තිබේ.

