brand logo
logo
"සහෝදරත්වය හා සංහිඳියාව පෙරදැරිව ප්‍රඥාවේ ආලෝකය දල්වමු" -දිලිත්

"සහෝදරත්වය හා සංහිඳියාව පෙරදැරිව ප්‍රඥාවේ ආලෝකය දල්වමු" -දිලිත්

08 November 2026


ලොව පුරා හින්දු බැතිමතුන් අවිද්‍යාවේ අන්ධකාරය පරදා ප්‍රඥාවේ ආලෝකය උදෙසා සමරනු ලබන දීපාවලි දිනය වෙනුවෙන් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය සුබපැතුම් පණිවිඩය නිකුත් කර තිබේ.


හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම සංස්කෘතික උළෙලක් වන දීපාවලි දිනයේදී සැම දෙනාටම ආලෝකය හා සතුට ප්‍රාර්ථනා කරමින් පහන් දල්වන බව ඒ මහතා සිය පණිවුඩය මගින් සිහිපත් කරයි.


එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ,


"දීපාවලි දිනය සහෝදරත්වය, සංහිඳියාව සහ මානව ප්‍රේමය ජයග්‍රහණය කරවීම උදෙසා සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් ජාතික උත්සවයක් බව මාගේ අදහසයි.


රටක් ලෙස ලෝකය ඉදිරියේ අපගේ සංස්කෘතියේ අනන්‍යතාව සහ විචිත්‍රත්වය සුවිශේෂී ලෙස විදහා දැක්වීමට දීපාවලි වැනි උත්සව මහත් පිටුවහලක් සපයයි.


දසත පැතිරී ඇති අඳුර පරදා ප්‍රඥාවේ ආලෝකය දැල්වේවායි ප්‍රාර්ථනා කරමින් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටත්, ලෝකවාසී හින්දු බැතිමතුන්ටත් සුබ දීපාවලි දිනයක් වේවායි හෘදයාංගම සුබාශිංසන එක් කරමි!"

 

More News..