බදුල්ලේ ජල ව්‍යාපෘති 06ක් ජනතා අයිතියට
04 October 2026
බදුල්ලේ ජල ව්‍යාපෘති 06ක් ජනතා අයිතියට
04 October 2026
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ 'ජන දිය සම්පත' වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ ප්‍රජා ජල ව්‍යාපෘති 06ක් ජනතා අයිතියට පත්කිරීම අද (03) දින සිදු කෙරිණි.
ඒ අනුව බණ්ඩාරවෙල, පස්සර සහ හාලිඇල ප්‍රදේශවල ක්‍රියාත්මක කළ ජල යෝජනා ක්‍රම ජනතා අයිතියට පත් කිරීම සිදු විය.
ඒ යටතේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරේතොට වසමට අයත් ශාන්ත ජේම්ස් ප්‍රජා මූල සංවිධානය මඟින් ක්‍රියාත්මක කළ ශාන්ත ජේම්ස් ඉහළ කොටස ප්‍රජා පානීය ජල යෝජනා ක්‍රමය, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, හාලිඇල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දිනිඳු සමන් හේන්නායක ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදී.
රුපියල් මිලියන 1.7ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකර අවසන් කරන ලද මෙම ව්‍යාපෘතිය මඟින් ශාන්ත ජේම්ස් වත්තේ පවුල් 155ක් සඳහා පිරිසිදු, සුරක්ෂිත පානීය ජල පහසුකම් සැලසේ.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හේන්නායක මහතා සඳහන් කළේ, ශාන්ත ජේම්ස් වතු ජනතාව දීර්ඝ කාලයක සිට ජල ගබඩා ටැංකි ඇතුළු මූලික යටිතල පහසුකම් නොමැතිව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවය.
වත්මන් රජය මඟින් මෙම වසම වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 950කට අධික මුදලක් වෙන්කර සංවර්ධන කටයුතු ක්‍රියාවට නංවා ඇති බවත්, මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කර ඔවුන්ට ගෞරවනීය හා සුන්දර ජීවිතයක් උරුම කරදීම රජයේ මූලික ඉලක්කය බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

