brand logo
logo
  ලිඳුල නගර සභාවේ හිටපු සභාපතිට ඇප

ලිඳුල නගර සභාවේ හිටපු සභාපතිට ඇප

11 June 2025



තලවකැලේ ලිදුල නගර සභාවට අයත් මස්කඩ කාමරයක් අඩු ලන්සුවකට ලබාදීමෙන් රුපියල් ලක්ෂ 23කට අධික පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ලිදුල නගර සභාවේ  හිටපු සභාපති අශෝක සේපාල ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී අද(11) නියෝග කළාය.


සැකකරුට රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරිය විදේශ ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.


2019 වසරේ දී ලිදුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මස්කඩ කාමරයක් වැඩි ලන්න්සුවකට ලබා නොදී,අත්තනෝමතිකව අඩු ලංකුවකට ලබා දී රුපියල් 2380000.00 ක පාඩුවක් සිදු කිරීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කොටතිබිණි.


ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරු බන්ධනාගාර නිලධාරී මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.


අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.


සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් හා සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ කීපයක් සටහන් කර ගැනීමට ඇති බැවින් සැකකරු බන්ධනාගාරගත කරන ලෙස ද ඉල්ලා සිටියේය.

 

More News..