චන්ද්‍රයාගේ වඩා දුරින් පිහිටි ප්‍රදේශයේ සිට ගත් ප්‍රථම ඡායාරූපය
07 April 2026
චන්ද්‍රයාගේ වඩා දුරින් පිහිටි ප්‍රදේශයේ සිට ගත් ප්‍රථම ඡායාරූපය
07 April 2026
Artemis II මෙහෙයුමේ නියැලී සිටින ගගනගාමීන් විසින් චන්ද්‍රයාගේ වඩා දුරින් පිහිටි ප්‍රදේශයේ ලබාගත් ප්‍රථම ඡායාරූපය ධවල මන්දිරය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
සඳෙහි වඩා දුරින් පිහිටි ප්‍රදේශයේ සිට ගත් ප්‍රථම ඡායාරූපය මෙන්ම පෘථිවිය සඳෙහි ක්ෂිතිජයෙන් ඔබ්බට බැස යන අයුරු ඔරායන් යානයේ සිට කැමරාවට හසු කරගත් ආකාරය යනුවෙන් එම ඡායාරූපය X පණිවුඩයක් ඔස්සේ හඳුන්වා දී තිබුණි.
මීට පෙර මිනිසෙකු ගමන් නොකළ තරම් දුරක් අභ්‍යවකාශයේ ගමන් කිරීමෙන් අනතුරුව, Artemis II මෙහෙයුමේ නියමුවන් මේ වන විට නැවත පෘථිවිය බලා පැමිණෙමින් සිටිති.
නාසා ආයතනය පවසන පරිදි, පසුගිය සඳුදා සවස ඔරායන් යානය පෘථිවියේ සිට සැතපුම් 252,756ක් (කිලෝමීටර් 406,771ක්) දුරින් පියාසර කරමින් නව වාර්තාවක් පිහිටුවේය.
මෙම මෙහෙයුමේදී ගගනගාමීන් සඳට කොතරම් සමීප වූයේද යත්, ඔවුන්ට සඳ දිස්ව ඇත්තේ අතේ දුරින් තබාගත් පැසිපන්දුවක ප්‍රමාණයට බව නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, සඳ වටා ගමන් කිරීමේදී සඳෙහි වඩා දුරින් පිහිටි ප්‍රදේශයේ එනම්, පෘථිවියට කිසිදා නොපෙනෙන පැත්ත සියැසින් දැකගත් ප්‍රථම මිනිසුන් කණ්ඩායම බවට පත්වීමටද මෙම ගගනගාමීන් පිරිස සමත් විය.

