brand logo
logo
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක්

13 October 2026


කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත දුම්රිය මාර්ගය ආසන්නයේ නිවාස පෙළක ඇති වූ හදිසි ගින්නකින් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.


ගින්න පාලනය කිරීම සඳහා කොළඹ, ග්‍රෑන්ඩ්පාස් සහ හෙට්ටියාවත්ත ගිනි නිවීමේ ඒකකවල ගිනි නිවන රථ 5ක් යොදවා තිබූ අතර, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව වාර්තා වේ.


ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.


ගින්නට හේතුව සහ සිදුවූ දේපොළ හානිය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

 

More News..