Best News Website award
brand logo
logo
  දිලිත් ජපානයේදී ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් හමුවෙයි

දිලිත් ජපානයේදී ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් හමුවෙයි

26 November 2026


රටක් දියුණු කළ හැක්කේ ව්‍යවසායකත්ව මනසකින් කටයුතු කිරීමෙන් පමණක් බව GLEC නිර්මාතෘ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.


ඔහු මේ බව ප්‍රකාශ කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.


ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්,වෘත්තිකයින් සහ විද්වතුන් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන ඒමේ අරමුණෙන් ගෝලීය ලාංකික ව්‍යවසායකත්ව එකමුතුව හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම පසුගියදා කොළඹදී සිදුකෙරුණි.


ඒ ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ සංකල්පයක් මතයි.


GLEC ඩිජිටල් වේදිකාව පිළිබඳ ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දැනුම්වත් කිරීම සඳහා වන ජාත්‍යන්තර සමුළු මාලාව පසුගියදා ජපානයේ සුකුබාහිදී ආරම්භ වුණි.


මීට සමගාමීව GLEC වැඩසටහනේ ජපාන අරමුදල වෙනුවෙන් ජපන් යෙන් මිලියන 2.5ක මුදලක් පරිත්‍යාග කිරීමට එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු වන නලින් ගුණසේකර මහතා ඊයේ පියවර ගත්තේය.


එම මුදල GLEC වැඩසටහනෙහි ඉදිරි කටයුතු වෙනුවෙන් පුරෝගාමී ඩිජීටල් නිර්මාතෘ හසන්ත රත්නායක මහතා වෙත භාරකෙරුණි.


GLEC වැඩසටහනේ මීළඟ සමුළුව එක්සත් රාජධානියේදී පැවැත්වීමට නියමිතයි.

 

More News..