වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට
14 November 2026
වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට
14 November 2026
මෙවර අයවැය මගින් තමන්ට සිදුවී ඇති අසාධාරණයට විරෝධය පළ කරමින් අද (14) සහ හෙට (15) සතිඅන්ත රාජකාරීවලින් ඉවත් වීමට පියවර ගන්නා බව වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් එස්. ඒ. ආර්. කේ. සුබසිංහ මහතා පැවසුවේ ලබන 16 සහ 17 යන දෙදින තුළ සියලුම ඉංජිනේරු සහකාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවය.
තවදුරටත් අදහස් දැක්වූ එස්. ඒ. ආර්. කේ. සුබසිංහ මහතා,
"ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැය වාර්තාවත් එක්ක අපිට දීමනා ලබාදීම ඉතාමත් අඩු සැලකිල්ලකින් සිදුවෙලා තියෙනවා. පිරිසකට පමණක් දීමනා ලබාදීලා තිබෙනවා. මේ ගැන සංගමයක් ලෙස අපි දැඩි කලකිරීමට පත් වුණා."
"ඒකට විරෝධය පෑමක් ලෙස අපි දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන්න සූදානමින් ඉන්නවා. යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සූදානමින් සිටිනවා"


