brand logo
logo
ඉදිරි දින කිහිපයේදී නිරිතදිග කලාපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඉදිරි දින කිහිපයේදී නිරිතදිග කලාපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

18 September 2026

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරියේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි ඇතිවිය හැකි විය අතර, සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි (මි.මී. 75 පමණ) ඇති විය හැකිය.


සවස 2.00 න් පසු ඌව පළාත, මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.


ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

More News..