සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට යළිත් ප්‍රහාර - අමෙරිකානු ජනාධිපති
23 November 2026
සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට යළිත් ප්‍රහාර - අමෙරිකානු ජනාධිපති
23 November 2026
ඉරානය සමඟ පවතින සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුවහොත් නව වසරෙන් පසුව යළිත් ඉරානයට එරෙහිව ප්‍රහාර ආරම්භ කිරීමට තමන් සූදානම් වී සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
විදෙස් මාධ්‍ය නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ටෙහෙරානය සමඟ වක්‍ර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන නමුත් ඒවායේ ප්‍රගතියක් නොමැති වීම සම්බන්ධයෙන් තමන් කලකිරීමට පත්ව සිටින බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ඉරාන සාකච්ඡාකරුවන් විවේචනය කරමින් ඔවුන් 'වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පීන්' ලෙස හඳුන්වා ඇති ට්‍රම්ප්, "ඔවුන් නිතරම කතා කරනවා. ඔවුන් කරන්නේ කතා කිරීම පමණයි. නමුත් ඒ සියල්ල විකාරයක්" යනුවෙන්ද පවසා තිබේ.


