brand logo
logo
බෙංගාල බොක්කේ බල බිඳේ

බෙංගාල බොක්කේ බල බිඳේ

25 September 2026 | සාලිය කුමාර ගුණසේකර


බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවැති ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බැවින් ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට මෙම පද්ධතියේ බලපෑම අද (25 වැනිදා) සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.


අද (25 වැනිදා) ද බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තදවැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


ඊයේ (24 වැනිදා) පෙරවරු 8.30න් අවසන්වූ පැය 24 ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පලටුපාන ප්‍රදේශයෙනි. එය මිලි මීටර් 153ක් විය.

 

More News..