ඩෙංගු කීටයන් තවාන් කළ 3400කට නඩු
19 November 2026 | ශිරාන් රණසිංහ
ඩෙංගු කීටයන් තවාන් කළ 3400කට නඩු
19 November 2026 | ශිරාන් රණසිංහ
ඩෙංගු මර්දනය සඳහා ඉකුත් 9 වැනිදා සිට 14 තෙක් දියත් කළ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මගින් ඩෙංගු කීටයන් සහිත පරිශ්‍ර 9247ක් හමුවූ බවත් ඉන් පරිශ්‍ර 3426ක හිමිකරුවන්ට එරෙහිව දඩ සහ අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෙශිලා සමරවීර හෙළි කළාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ මදුරුවන් බෝවන්නට ඉඩ නොදෙන ලෙසට මොන තරම් ජනතාව දැනුම්වත් කළත් සතියක් තුළ පරීක්ෂාවට ලක් කළ පරිශ්‍ර 51,888කින් පරිශ්‍ර 9247ක ඩෙංගු මදුරු කීටයන් හමුවීම බරපතළ තත්ත්වයක් බවයි.
මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් එක්ලක්ෂ දසදහස් හාරසීය තිස් එක් දෙනෙක් හමු වී ඇතැයිද ඩෙංගු මරණ අසූ දෙකක් වාර්තා වී ඇතැයිද ඇය සඳහන් කළාය.
වසරකට ඩෙංගු රෝගීන් ලක්ෂයකට වඩා පෙර වාර්තා වී තිබුණේ 2017, 2019 යන වසරවල බවත් ඉන් පසුව ලක්ෂය ඉක්මවා වාර්තා වූයේ 2026 වසරේදී බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෙශිලා සමරවීර කියා සිටියාය. ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩකඩ සලසන අයට එරෙහිව පනවන දඩ මුදල රුපියල් 50,000ක් දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබුණත් තවමත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නැත.


