brand logo
logo
 යෝජිත උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට මහජන අදහස් විමසීම ඇරඹෙයි

යෝජිත උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට මහජන අදහස් විමසීම ඇරඹෙයි

06 June 2026


යෝජිත උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ මග පෙන්වීම යටතේ උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ කටයුතු විද්වත් කමිටුවක් මගින් මේ වන විට සිදු කෙරෙන බව අමාත්‍යංශය සඳහන් කළේය.


මේ සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර ආවරණය කරමින් විවිධ පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡා වට කිහිපයක්ද පසුගිය දිනවල පවත්වා තිබේ.


ඊට සමගාමීව මේ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සිදු කිරීමට ද තීරණය වූ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.


ඒ අනුව යෝජිත උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමට අදාළ ප්‍රශ්නාවලියක් අමාත්‍යාංශ වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර, ඊට පිවිසීමෙන් ජනතාවට සිය අදහස් ඉදිරිපත් කළ හැකි වේ.


 

More News..