brand logo
logo
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 78,125ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 78,125ක් දක්වා ඉහළට

23 July 2026

දිවයින පුරා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ 30%ක් වයස අවුරුදු 19න් පහළ බාලවයස්කරුවන් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.


එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර පැවසුවේ, වාර්තාවන සෙසු රෝගීන් වයස අවුරුදු 20ත් 65ත් අතර වන බවයි.

ඒ අනුව වැඩිම වයස අවුරුදු 65ට වැඩි කාණ්ඩයෙන් වැඩිම ඩෙංගු මරණ සංඛ්‍යාවක් වාර්තා වේ.‍


මේ අතර දිස්ත්‍රික්ක 12ක තවදුරටත් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.


වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 78,125ක්.


ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.‍


එම සංඛ්‍යාව 16,798 ක්

 

More News..