අද දිස්ත්‍රික්ක කිහිපයකට ඉහළ උණුසුමක්
14 August 2026
අද දිස්ත්‍රික්ක කිහිපයකට ඉහළ උණුසුමක්
14 August 2026
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (14) දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය අපේක්ෂා කරන බවය.
එම දිස්ත්‍රික්ක වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ඇති බව සඳහන් වේ.
ඒ අනුව එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙස හා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සිදුකළ යුතු බවය වෛද්‍ය හංසමාල් වීරසුරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

