9,10 සහ 11 වැස්ස තද වෙයි
05 December 2025
9,10 සහ 11 වැස්ස තද වෙයි
05 December 2025
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසා සිටියේ, මෙම කාලයේ දී සුළඟේ වේගය ද වැඩි වන බවය.
නමුත් ඊශානදිග මෝසම් කාලගුණය තුළ අන්තර් මෝසම් කාලගුණයට සාපේක්ෂව ගිගුරුම් සහිත වැසි අඩු බව ද ඒ මහතා පැවසීය.
උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාතට මෙම ඊශාන දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව වර්ෂාපතනය වැඩි විය හැකි අතර, ඕනෑම අවස්ථාවක එම ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අතුල කරුණානායක මහතා කියා සිටියේය.
එමෙන්ම මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, මි.මී 75 හෝ 100ක පමණ වැසි ඇති විය හැකි බවද ඒ මහතා පැවසීය.
දිවයිනේ සෙසු පළාත්වලට මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම නිරිතදිග කොටසට ගිගුරුම් සහිත වැසි නොමැති වුවත් වැසි ඇති විය හැකි බව ද අතුල කරුණානායක මහතා කියා සිටියේය.
මේ අතර, ලංකාවට ගිනිකොණ දිශාවෙන් වූ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් පවතින බවත් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මෙම තත්ත්වය තිබිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
දිවයින අවට පහළ වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය ඉස්මතු වීමත් ඊශානදිග මෝසමේ සක්‍රීයභාවයට හේතු වී ඇතැයි පැවසු අතුල කරුණානායක මහතා, බෙංගාල බොක්කේ ඇතිවන මෙම කැලඹිලි ස්වභාවය දිවයිනට ඇතින් වූ ගිනිකොණ දිග දිශාවේ අන්දමන් දූපත් ආසන්නයේ පවතින බවත් මේ හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව මුහුද රළු විය හැකි බවත් ධීවරයින් හා නාවිකයින් මේ පිළිබඳ ඉදිරි නිවේදන පිළිබඳ අවදානයෙන් සිටින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියා සිටියේය.

