ලෙබනනයේ මියගිය පුද්ගලයින් ගණන ඉහළට
30 March 2026
ලෙබනනයේ මියගිය පුද්ගලයින් ගණන ඉහළට
30 March 2026
මාර්තු 2 වැනිදා සිට ලෙබනනයේ දකුණු ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කරන ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 1,247 දෙනෙකු මියගොස් ඇති අතර 3,680 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.
මේ අතර, මිලියන 1.2කට අධික ලෙබනන වැසියන් පිරිසකට තම නිවාස අතහැර පලා යාමට සිදුවී තිබේ.
ලෙබනනයේ වෙසෙන ජනයාට පලායන ලෙස ඊශ්‍රායලය නිකුත් කරන නියෝග සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන දැඩි කනස්සල්ල පළ කරයි.
ලෙබනනයේ සහන කඳවුරු සියල්ල පිරී ඇති බැවින්, අවතැන් වූ බොහෝ පවුල්වලට යාමට කිසිදු ආරක්ෂිත ස්ථානයක් නොමැති බවද සඳහන් වෙයි.

