ලොකු පැටීගේ සහෝදරයා වෙඩිතබා ඝාතනය කෙරේ
01 October 2026
ලොකු පැටීගේ සහෝදරයා වෙඩිතබා ඝාතනය කෙරේ
01 October 2026
අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ අද (01) රාත්‍රී 8.10ට පමණ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් 9mm වර්ගයේ පිස්තෝල අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවය.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ලන්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා නමැති පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු බවද පොලීසිය සඳහන් කළේය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

