බොලිවුඩ් ජනප්රිය නළු ටයිගර් ෂෙරොෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්
19 October 2026
බොලිවුඩ් ජනප්රිය නළු ටයිගර් ෂෙරොෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්
19 October 2026
ඉන්දීය ප්රකට බොලිවුඩ් නළුවෙකු වන ටයිගර් ෂෙරොෆ් ඉලක්ක කර මුම්බායි හි ජුහු ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති අතර, ඔහුගේ රියැදුරු සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
ටයිගර් සිය සේවා ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී, එනම් ඉන්දීය වේලාවෙන් ඊයේ (සන්ධ්යා) 7.00 පමණ මෙම ප්රහාරය එල්ල වී ඇති බවද සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා, අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා ලෙස මහාරාෂ්ඨ ප්රාන්තයේ ප්රධාන අමාත්ය සහ ස්වදේශ අමාත්ය දේවේන්ද්ර ෆඩ්නවිස්, මුම්බායි පොලිස් කොමසාරිස් වෙත දැඩි නියෝග නිකුත් කර තිබේ.

