brand logo
logo
ග්‍රෙගරි වැව පිරෙයි - බෝට්ටු සේවාව  තාවකාලිකව  නවතයි

ග්‍රෙගරි වැව පිරෙයි - බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

24 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්

නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ග්‍රෙගරිවැවේ ජල මට්ටම ඉහළ යෑමත් සමග එම වැවේ සොරොව්ව අද (24) දින විවෘත කිරිම හේතුවෙන් කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඇළේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.


ග්‍රෙගරිවැවේ ජල මට්ටම ඉහළ යෑමත් වැව වටා පවතින අධික සුළං තත්වය හේතුවෙනුන් එම වැවේ පවත්වාගෙන යන බෝට්ටු සේවාවද තාවකාලිකව නතර කිරිමට නුවරඑළිය මහ නගර සභාව විසින් පියවර ගෙන ඇත.

 

More News..