ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය
17 March 2026
ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය
17 March 2026
නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය වෙත ගල් අඟුරු මෙට්‍රික්ටොන් 300,000±10% (නැව්ගත කිරීම් 05 ක්) හදිසි ප්‍රසම්පාදනයක් ලෙස සපයා ගැනීම පිණිස 2026-01-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම යටතේ ලියාපදිංචි වී සිටින ගල් අඟුරු සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 06 ක් ලැබී තිබේ.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසමපාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd වෙත අදාල ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

