ගිනිඅවි 03ක් සහ හෙරොයින් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
19 September 2026
ගිනිඅවි 03ක් සහ හෙරොයින් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
19 September 2026
කොහුවල විජයබා මාවතේ පිහිටි නිවසක් වටලා ගිනි අවි තුනක් සමග අපරාධ කල්ලි සාමාජිකයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මත්ද්‍රව්‍යද ළඟ තිබී නිලධාරී භාරයට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ වැටලීම සිදුකර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරුවන් සතුව තිබී ගිනිඅවි තුනට අමතරව උණ්ඩ 08ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් බවට සැක කෙරෙන ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ ඉහත මත්ද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ ජාවාරම්කරුවෙකු වන කළුබෝවිල අවිශ්ක යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය හසුරවනු ලබන අය බවට මේ වන විට අනාවරණය වී ඇතැයිද සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 56ක පුද්ගලයෙකු සහ එම සැකකරුට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ආධාර අනුබල දුන් එම ප්‍රදේශයේම අවුරුදු 39ක අයෙකි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත මේ වන විට භාරදී තිබේ.
පසුගිය 14 වැනිදා කොහුවල පොලිස් වසමේදී සිදුකරන ලද වැටලීමක් අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 හොරොයින් ග්‍රෑම් 504ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ද මොවුන්ගේ සමීපතමයින් බවටත් මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයිද සඳහන් වේ.

