Best News Website award
brand logo
logo
ආපදා නිලධාරිහු  අද සිට  වැඩ නැහැ

ආපදා නිලධාරිහු අද සිට වැඩ නැහැ

16 November 2026


ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන සමස්ත නිලධාරීන් මුහුණ දී ඇති බරපතළ වෘත්තීය අනාරක්ෂිතභාවය, පරිපාලන බිඳවැටීම්, සහන සේවා කටයුතුවල නියැළී සිටින නිලධාරීන්ගේ කමිටු දීමනා ගෙවීම ඇතුළු ගැටලු සම්බන්ධව ආරක්ෂක ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවේදී පොරොන්දු වූ පරිදි විසඳුම් ලබානොදීමට එරෙහිව අද (16 වැනිදා) සිට සියලුම ආපදා සහන සේවා නිලධාරින් ආපදා සහන සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත.


පසගියදා (05 වැනිදා ) ආරක්ෂක හමුදා මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී තම ගැටලුවලට සතියක් ඇතුළත විසඳුම් ලබාදීමට එක්වූ නමුත් තවමත් එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙලෙස රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමය සඳහන් කරයි.


පසුගියදා පැවැති සාකච්ඡාවේදී 2023.11.10 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සම්මත කර ගත් කැබිනට් පත්‍රිකාව වහාම අවලංගු කිරීමට ද දැනට පවතින සංවර්ධන නිලධාරී, සංවර්ධන සහකාර යන තනතුරු නාමය ආපදා සහන සේවා නිලධාරී යන තනතුරට පත්කිරීමටද දිස්ත්‍රික් සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක ආපදා සහන සේවා ඒකකයක් ස්ථාපිත කිරීමටද සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකටම ආපදා සහන සේවා නිලධාරීන් 03ක් හා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ආපදා සහන සේවා නිලධාරීන් දෙදෙනකු ලබාදීමට මෙන්ම ආපදා සහන සේවා කටයුතුවල නිරත වන කමිටු සාමාජිකයන්ට එක් වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 1250ක දීමනාවක් ලබාදීමට එකඟවී තිබේ.

 

More News..